Tuesday, August 19, 2025
Follow Us
State

රජය නියම කර ඇති මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

State

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන, සැපයීම සහ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

State

මන්නාරම දූපතේ සුළං බල මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.

State

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

State

76 වන ජාතික නිදහස් දින සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා නිලධාරීන් 211 දෙනෙකුට සහ සෙසු නිලයින් 1239 දෙනෙකුට නිල උසස්වීම් ලබා දී ඇත.

State
  • තේ පෙහොර මිල අඩු කරන ගිවිසුමට අත්සන් කළා – කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර.

රට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එසේම 2024 වර්ෂයේදී වී, බඩ ඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග ජාතික අවශ්‍යතාවයේ ඉලක්කයට ළඟා වීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

State
  • තම පුද්ගලික සිහින වෙනුවෙන් නොව රටේ පොදු සිහිනය සැබෑ කිරීමට අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමු.
  • දේශපාලන වාසිය උදෙසා මා තීරණ ගත්තේ නැහැ. සෑම විටම තීරණ ගත්තේ රටේ වාසිය වෙනුවෙන්.
  • උල්කාපාත වේගයකින් කඩා වැටුණු රටේ ආර්ථිකය රොකට් වේගයකින් යළි ඔසවා තැබුවා.
  • ආර්ථිකය ස්ථාවර කිරීමේ මූලික පදනම සහ ණය පීඩනයෙන් මිදීමේ මාර්ගයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින්ප්‍ රතිව්‍යුහගතකරණ සැලැස්ම මේ වසරේ මුල් මාස හය තුළ ක්‍රියාවට නංවනවා
  • තොරතුරු තාක්ෂණය, කෘත්‍රීම බුද්ධිය වැනි ක්ෂේත්‍රයන්හි පරිපූර්ණ වූ තරුණ පරපුරක් ගොඩනඟනවා නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සැසිවාරය විවෘත කරමින් ජනපති පවසයි
State
  • ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අගමැති එක් වෙයි.
  • ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, තුන්වන චාල්ස් රජු ඇතුළු ලෝක රාජ්‍ය නායකයන්ගෙන් සුබ පැතුම්.
State

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය මත ක්‍රියාත්මක කරන උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කර අවසන්ව ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සඳහන් කරයි.

State

සහජ දක්ෂතාවන්ගෙන් හෙබි මෙරට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායම නියෝජනය සඳහා සමාන අවස්ථා ලබා දීමේ අරමුණින් දියත් කළ”ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ” ජාතික වැඩසටහනට සමගාමීව දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” විවෘත කිරිම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ සිදු විය.

State

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ  (02)  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ලේ (UCFM Tower) ශ්‍රවණාගාරයේ දි සිදු කෙරිනි.

State

පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

State

තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය ඊයේ  (5) හිමිවිය.

State

දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ටතම මාතෘ රෝහල වන  කරාපිටිය නව මාතෘ රෝහල මාර්තු මස දිනෙක සෞඛ්‍ය සේවාවට එක්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

State

අද (ජනවාරි 30 වැනිදා) සිට පෙබරවාරි 04 වැනිදා දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලිසිය නිවේදනය කරයි

State
  • සියලු ජනතාවට අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගීමට කැප වෙනවා – ජනපති.
  • ආණ්ඩුවේ වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනපති සියලු පාර්ශ්වයන්ට නැවත ඇරයුම් කරයි.

ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

State

76 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් දිවයින පුරා මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස්වරයා නියෝග කර තිබේ.

State
 
• තේ පෙහොර මිල අඩු කරන ගිවිසුමට අත්සන් කළා – කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර.
රට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එසේම 2024 වර්ෂයේදී වී, බඩ ඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග ජාතික අවශ්යතාවයේ ඉලක්කයට ළඟා වීම සඳහා ප්රමුඛත්වය දී කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව ද අමාත්යවරයා සඳහන් කළේය.