Saturday, January 03, 2026
Follow Us
ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවයි - සුරාබදු දෙපාර්තමේන්තුව

මත්පැන් නිෂ්පාදනය මත සුරා බදු දෙපාර්තමේන්තුව වෙත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළ 3% ක මාසිකව ගෙවිය යුතු අධිභාරය වන රුපියල් බිලියන 5.7 ක මුදල ගෙවීම පැහැර හැරීම නිසා සුුරාබදු ආඥා පනතේ නෛතික විදිවිධාන ප්‍රකාරව ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අද (05) සිට අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල් නියෝග කර ඇත.

ඒ අනුව 2024.12.05 දින සිට මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමටත් එම හිඟ මුදල් හා අධිභාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් එම සමාගමට  නිකුත් කර ඇති සියලුම සුරාබදු මත්පැන් බලපත්‍ර 2024.12.31 දිනෙන් ඔබ්බට දීර්ඝ නොකිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.