එම නිවේදනය පහත සඳහන් වේ.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා චීන ආධාර යටතේ නිවාස ඒකක 1996ක් ඉදිකිරීමට එකඟ වී ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
2024 (2025) අ.පො.ස සා/පෙළ විභාගය සඳහා අයදුම්පත් හෙට (05) සිට මාර්ගගතව භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
සීමාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
2025 වර්ෂය සඳහා පාසල් හා පිරිවෙන් සිසුන් වෙත නොමිලේ නිල ඇඳුම් ලබා දීම සඳහා අවශ්‍ය සම්පූර්ණ රෙදි ප්‍රමාණය නොමිලයේ මෙරටට ලබා දීමට චීන රජය එකඟ වී ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
එළැඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබේ.
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි.
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් අද (30) පස්වරුවේ සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින්,
දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් සංකේත වැඩ වර්ජනයකට එළඹීමට ගත් තීරණයට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීමේ කටයුතු ප්‍රමාදවීම හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බදවා ගැනීමේ පටිපාටියට අනුමත කිරීම දිගින් දිගටම ප්‍රමාද වීමයි.
කෙසේ වෙතත් අදාළ උසස්වීම ලබාදීම හා බදවා ගැනීමේ පටිපාටිය අනුමත කර ගැනීමට අවශ්‍ය පියවර මේ වන විටත් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ස්ථානාධිපතිවරුන් බදවා ගැනීමේ පටිපාටිය අනුමත කර ගැනීම උසස් කිරීම සම්බන්ධ ක්‍රියාවලියේ කොටසක් බැවින් බදවා ගැනීමේ පටිපාටිය ප්‍රථමයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් අනුමත කර ගත යුතු වේ. ඒ සදහා අවශ්‍ය බදවා ගැනීමේ පටිපාටියේ කෙටුම්පත මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇති අතර, එය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත වොමු කළ යුතු වුවත්, මේ දක්වා අවසාන කෙටුම්පත සදහා එකගතාවයකට එලඹීමට නොහැකි වී ඇත්තේ එම පටිපාටියේ අඩංගු වගන්ති දෙකක් සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපති වෘත්තීය සමිතිය හා අනෙකුත් වෘත්තීය සමිතීන් අතර එකගතාවයක් නොමැති බැවිනි.
මේ පිළිබදව අවධානය යොමු කළ දෙපාර්තමේන්තුව අදාළ වෘත්තීය සමිති කැදවා අවසාන එකගතාවයක් ලබා ගැනීමට සාකච්ඡා කර සිටියත් ඒසේ කිරීමට නොහැකි වී ඇත.
එසේ වුවත්, එම ගැටළු විසදීම සදහා ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ වෘත්තීය සමිති හා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමන්විත කමිටුවක් අද (30) දින පත් කළ අතර, එහි නිර්දේශ 2024.11.08 දිනට ප්‍රථමයෙන් ලබා ගැනීමට බලපොරොත්තු වන බැවින් ඒ පිළිබදව හෝ අවධානය යොමු නොකර, දුම්රිය ස්ථානාධිපති සංගමය මේ වන විට සංකේත වැඩවර්නයක් දියත් කර ඇත.

ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් බස්නාහිර පළාතේ සියලුම ආදායම් බලපත්‍ර නිකුත් කරන කවුලු දින දෙකක් වසා තැබීමට පියවර ගෙන තිබේ.
ජා-ඇල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (05) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
අලුතෙන් මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවත් කිසිදු ආකාරයක ණයක් කිසිදු රටකින් කිසිදු විදේශ ආයතනයකින් ලබා ගෙන නොමැති බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, බුද්ධශාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා ,සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි.
2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට නව මාර්ගගත ක්‍රමයක් ආරම්භ කළ බවත් ලබන 06 වැනිදා සිට එම මාර්ගගත (Online) ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩ බලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය පැවසුවාය.
කොළඹ - කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති බවය.
එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන බැවින්, දුම්රිය හරස් මාර්ග භාවිතා කරන මහජනතාව ඉතා සැලකිලිමත්ව හරස් මාර්ග භාවිතා කළ යුතු බවයි.
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන සිදු වන කාලසටහන පහත සඳහන් වේ.


Page 26 of 637