Monday, February 09, 2026
Follow Us
අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස් කරන්න එපා

මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මෙරට ඛනිජ තෙල් හිඟයක් ‍ඇතිවිය හැකි බවට ව්‍යාජ ප්‍රවෘත්ති සංසරණය වන බවත්, එහෙත් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග තිබෙන බව, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයාකොඩි මහතා පැවසීය.

අද(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය.

අගෝස්තු මස අවසන් වනතෙක් අවශ්‍ය ඉන්ධන තොග තිබෙන බවත්, මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා අවශ්‍ය ඉන්ධන සැපයුම් සඳහා ගිවිසුම් අත්සන් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අනවශ්‍ය ලෙස කලබල වෙමින් ඇතැම් පිරිස් ඉන්ධන තොග රැස්කර ගැනීම නිසා බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිට වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.