ශ්‍රී ලංකාව සතුව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහා හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදෙනු ලැබුවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.
ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල විවිධ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා රැකියා පුරප්පාඩු රැසක් ඇති බැවින් එම අවස්ථා ඉලක්ක කරගෙන භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Prime Minister Ranil Wickremesinghe is tipped to be sworn in as the Minister of Finance and Economic Policies and Plan Implementation today by President Gotabaya Rajapaksa.
ඉදිරි සති හයක් තුළ අතුරු අයවැයක් ඉදිරිපත් කරන බවත් මෙයින් යෝජිත දෙවසරක සහන වැඩසටහන සඳහා අරමුදල් නැවත ලබාගැනීමට යටිතල පහසුකම් ව්‍යාපෘති කප්පාදු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පවතින සම්පත් හිගය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සදහා රාජ්‍ය ආයතනවල සේවකයන් කැදවීමට සීමා කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් නිකුත් කර ඇත්තේ 26 සිට ක්‍රියාත්මක කරන ලෙසයි.
අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අංශ කිහිපයක හැර සෙසු සියලු අංශවල වියදම් කපා හැරීමට සිදුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එසේ නොමැතිව ආර්ථික අර්බුදයට මුහුණ දිය නොහැකි බවයි අගමැතිවරයා පවසන්නේ.
දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බව නෙත් නිවුස් නිවුස් වෙත වාර්තා වුණා. ඉන්ධන සදහා ඉල්ලුම ඉහළ යාම ඊට හේතුව බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සදහන් කළේ.
ජලය පිරිසිදු කරන රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් නළ ජලය පානයට සුදුසු තත්ත්වයකින් ලබා නොදෙන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
රට අර්බුද ගණනාවකට මුහුණදෙමින් තිබියදී කෘෂිකර්ම අමාත්‍ය ධුරය බාර ගැනීම දැවැන්ත අභියෝගයක් බව නව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා. අමාත්‍යවරයා ඊයේ සිය ධුරයේ වැඩ අරඹමින් මේ බව ප්‍රකාශ කළේය.
කලින් දින සහ වේලාවන් වෙන් කර ගත් පුද්ගලයින් සඳහා පමණක් එක්දින හා සාමාන්‍ය සේවා යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
Page 180 of 638