දෛනිකව ධාවනය වන කිලෝමීටර් ප්‍රමාණය අනුව ඉදිරියේදී ත්‍රීරෝද රථ සදහා ඉන්ධන කෝටාව නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.
මෙම වසර අවසන් වන විට ගුරුවරුන් 8,000 ට අධික පිරිසක් විශ්‍රාම යාමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම පුරප්පාඩු පිරවීම සඳහා මේ වන විටත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.
යෝජිත විදේශ ආයෝජන ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාදීමට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකා මුහුදේදී 2021.05 .20 වන දින කොළඹ වරාය වෙත පැමිණි , එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීම සඳහා , සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණය හමුවේ නඩුවක් පවරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතාට උපදෙස් දී තිබේ.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් සියයකින් පමණ ඉහළ යනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඒ, මාසිකව සිදු කෙරෙන මිල සංශෝධනයට අනුවයි.
මොනයම් හේතුවක් මත හෝ ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
මැදිරිගිරිය ප්‍රදේශයේ ගැහුණු ළමුන් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබන සංගීත කණ්ඩායම තහනමක්ට ලක් කර නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.
මන්කි පොක්ස් වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බවත් ඒ පිළිබද අනියත බියක් ඇතිකරගත යුතු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
Page 113 of 642