Wednesday, December 07, 2022
Follow Us
නිදහස් වෙළෙඳ ගනුදෙනු වලින්, ආනයන ආදායම ඉක්මවා 600% ක වැඩි ආදායමක් අපනයනයෙන්!

ආනයනික ආදේශන ව්‍යාපාරවලින් පාරිභෝගිකයන් නිදහස් කර ගැනීමේ මාවත එළි පෙහෙළි කරමින් ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ ගනුදෙනු මගින් මෙම වසරේ උපයා ගත් ආනයන ප්‍රමාණයෙන් සියයට 600කට වඩා වැඩි ප්‍රමාණයක් අපනයන ආදායමින් රට උපයා ඇති බව මුදල් අමාත්‍යාංශයේ වාර්තාවක සඳහන් විය.

ඒ අනුව, පසුගිය පාලන සමයේ පසුපෙළට දමා තිබූ නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස රජය මෑතකදී පෞද්ගලික අංශය සම්බන්ධ කර ගත්තේය.

පසුගිය සැප්තැම්බර් මස දක්වා නිදහස් වෙළෙඳ ගනුදෙනු සතරක් යටතේ අපනයනය සිදු කළ අතර එයින් ලැබු ආදායම රුපියල් බිලියන 229.1 ක් විය. එම මාසයේදීම එම වෙළෙඳ ගනුදෙනු යටතේම ලංකාව උපයා ගත් ආනයන ප්‍රමාණය රුපියල් බිලියන 32.29 කි. එනම් උපයා ගත් අපනයන ආදායම මෙම ආනයන ප්‍රමාණය මෙන් සත් ගුණයකි.

වෙළෙඳ ගනුදෙනු සතර සලකා බලන විට ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මඟින් ඇමෙරිකානු ඩොලර් බිලියන 140.4 ක අපනයනයක් උත්පාදනය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් බිලියන 5.1 ක ආනයනයක් සිදු විය. ඒ අනුව අපනයනය හා සසඳන විට ආනයනය සියයට 600ක් පමණ විය.

පකිස්තාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමක් මගින් රුපියල් බිලියන 13.1 ක අපනයනයක් සහ රුපියල් බිලියන 2.9 ක ආනයනයක් උපයා තිබුණි.

තව ද, ආසියා පැසිෆික් වෙළඳ ගිවිසුම මගින් ඩොලර් බිලියන 56.5 ක අපනයනයක් ශ්‍රී ලංකාවට උපයා ගැනීමට හැකියාවක් ලැබුණු අතර රුපියල් බිලියන 2.7 ක ආනයනයක් උත්පාදනය කර ඇත.

ශ්‍රී ලංකාව විසින් අපනයනයට වඩා ආනයනය සඳහා වැඩි සැලකිල්ලක් දක්වනුයේ විදේශ විනිමය හේතු කොට ගෙනය.මේ අතරම රජය සාමාන්‍යයෙන් විදේශයන්හි ණය ලබාගෙන ආනයන උත්පාදනය කිරීමට නැඹුරු වන ව්‍යාපෘතිවල ආයෝජනය කරයි.

ශ්‍රී ලංකාවේ ආනයන වල මෙසේ පසුබැසීමක් විශේෂයෙන්ම දක්නට ලැබුණේ මෙම වසරෙදී පුද්ගලික ණය මන්දගාමී වීම සහ බැංකු විදේශ ණය ආපසු ගෙවීම යන හේතුන් නිසාය.

නිදහස් වෙළෙඳ ගනුදෙනු ශක්තිමත් කරමින් නැඟෙනහිර ආසියාව මෙන් වර්ධනය වීමට ශ්‍රී ලංකාව උත්සාහ කරන නමුත් මුදල් අස්ථාවරත්වය නිසා එය වර්තමානය වන විට ව්‍යර්ථ වී ඇත.

විදේශ විනිමය ඉතිරි කරගනිමින් මහජනතාවගේ ගැලවුම්කරුවන් යැයි කියා ගන්නා ‘දේශීය නිෂ්පාදකයින්ගේ’ හෝ ‘ආනයන ආදේශකයන්ගේ’ දෑත් ශක්තිමත් කරන්නේ මහ බැංකුව විසින් නිර්මාණය කරන ලද විදේශ විනිමය හිඟයයි.

ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක සඳහන් කළේ නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡා කඩිනම් කිරීම රජයේ වර්තමාන අපේක්ෂාව බවයි. තව ද අවසාන ප්‍රතිලාභීන් වන බැවින් මෙම සංවර්ධන වැඩසටහනෙහි නිර්මාණශීලීව නිරත වන ලෙස ඔහු පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන්ට ආරාධනා කළේය.

ශ්‍රී ලංකාව සතු ගෝලීය වටිනාකම්වලට මුල් තැන දෙමින් දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් සමඟ ඒකාබද්ධ වන අතරතුර කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) සම්බන්ධ වෙමින් නැගෙනහිර කලාපයට ව්‍යාප්ත වීම ජනාධිපතිවරයා ගේ දැක්ම බව ඒකනායක මහතා තවදුරටත් අවධාරණය කළේය.

රජය විසින් සිංගප්පූරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන අතර, එම ආයෝජන හරහා භාණ්ඩ හා සේවා වෙළඳාමට ප්‍රතිලාභ ලබා දීම සඳහා සෘජු විදේශ ආයෝජන විශාල වශයෙන් ආකර්ෂණය කර ගත හැකි ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව තවදුරටත් එම මහතා අනාවරණය කළේය.

සාකච්ඡා නැවත පණ ගැන්වීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් වෙළඳ සාකච්ඡා කමිටුවක් පත් කර ඇති අතර, මෙම ගිවිසුම් අවසානයේ දී කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට මාවත විවර කරනු ඇත.

LNW