විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරිය දැනුවත් කිරීම සහ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් හමුවක් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන් සහ විදුලිබල මණ්ඩලයේ සභාපති, සාමාන්‍යධිකාරීවරයා, අතිරේක සාමාන්‍යධිකාරීවරුන් සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඇතුළු ඉහළ නිලධාරීන් සමග පසුගියදා පැවැත්විණි.
හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ තොරතුරු සමීක්ෂණයට අදාළ දත්ත රැස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එහි අවසන් දිනය මාර්තු 31 වන දා බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.
මාර්තු පළමුවෙනිදා සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පවතින ඉන්ධන අර්බුදය සහ මූල්‍ය ගැටළුවලට විසඳුමක් ලෙස විදුලියෙන් ධාවනය වන පරිසර හිතකාමී රථවාහන මෙරට ධාවනයට එක් කිරීම ප්‍රවර්ධනය කිරීමේ සංකල්පය ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කෙරිණි.
ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (28) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමග පැවැත්විණි.
QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
බහු කාර්ය සංවර්ධනය සහායක සහයිකාවන් 2,400ක් දුම්රිය කාර්ය සහයක තනතුර සඳහා අන්තර් ග්‍රහණය කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (03) අරලියගහ මන්දිර පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙම වසරේ දී පැරෂුට් ක්‍රමයට වී වගා කිරීම ව්‍යාප්ත කරවීම සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කර තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්‍රතිසංස්කරණයට ලක් නොකළ අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසර තුළ පුනරුථාපනයට රු. මිලියන 300ක් වෙන් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිස්ත්‍රික්ක 4ක විශේෂිත රෝහල් හා නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
විදුලිබලය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් පවතින අවශ්‍යතා සහ අභියෝග පිළිබඳව විදුලිබල මණ්ඩලයේ පාලක පද්ධතියේ ඉංජිනේරුවන් සමග සහ පාලන අධිකාරිය සමග හමුවක් පැවැත්විණි.
Page 90 of 644