Tuesday, August 26, 2025
Follow Us
ආරක්ෂක අංශ සහාය ඇතිව ඉන්ධන බෙදා හැරීම් අඛණ්ඩව

අද උදෑසන 6 ට කොළොන්නාව සහ මිතුරරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදා හැරීම ආරම්භ කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ව්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඔවුන්ට තවදුරටත් සහාය වන බවයි.

ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ තිබෙන අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඇනවුම් කර නොමැති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අවශ්‍ය අවම තොග පවත්වා ගැනීම සඳහා ඇණවුම් ලබා ගන්නා ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටි.