Thursday, November 07, 2024
Follow Us
මිශ්‍ර පොහොර මිලත් 50%කින් පහළට

එළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුළු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන් මේ වනවිට සියයට 50කින් පහළ ගොස් තිබෙනවා.

වී හා බඩඉරිඟු වගාවන් සඳහා රජයේ පොහොර වැඩ සටහන යටතේ රසායනික පොහොර ලබා දුන්නද, අනෙකුත් බෝග සඳහා යොදන පොහොර නොමැතිවීම ගැටලුවක් පැවතුණා.


එම කාරණය සැළකිල්ලට ගනිමින් වී හා බඩඉරිඟු හැර අනෙකුත් බෝග සඳහා භාවිතා කළ හැකි මිශ්‍ර පොහොරක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන්ට උපදෙස් දුන්නා.

ඒ අනුව දැනට වෙළෙද පොලේ අලෙවි කෙරෙන මිශ්‍ර පොහොර මිල ගණන්වලට වඩා විශාල අඩු මුදලකට ගුණාත්මක බවින් ඉහළ නව මිශ්‍ර පොහොර වර්ග කිහිපයක් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ පැවති මිලට වඩා සියකට 50ක් පමණ පහල අගයකින් වීම විශේෂත්වයකි.