Tuesday, August 26, 2025
Follow Us
සේවාවලට බාධ කරන ඛනිජ තෙල් සේවකයින් ඉවත් කිරීමට පියවර

අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන ඛනිජ තෙල් සේවකයින් එම සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් එම ආයතන සභාපතිවරයා වෙත දැනුම්දුන් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ යම්කිසි වෘත්තීය සමිතියක් හෝ ඒවායේ සාමාජිකත්වය දරණ සේවයකයින් විසින් රාජකාරියේ නිරත සේවකයින්ට බාධා සිදුකරන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ද සභාපතිවරයා වෙත දැනුම්දුන් බවයි.