Friday, July 04, 2025
Follow Us
ගුරු සහ විදුහල්පතිවරුන්ගේ ගැටලු ගැන කැබිනට් අනුමැතියක්

ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.

ඊට අදාළ කැබිනට් පති‍්‍රකාව ඊයේ (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින්.

ඒ අනුව මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය ලේඛණය හරහා මෙම වැටුප් විෂමතා ඉවත් කිරීමටයි නියමිතව ඇත්තේ.

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් එක්ව ඉකුක් බදාදා ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකද නිරත වුණා. ඒ, සිය වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයකට බලධාරීන් විසඳුම් ලබාදී නොමැති බවට චෝදනා කරමින්.

ඔවුන් ඊයේ සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ද ආරම්භ කළේ ඒ අනුවයි. සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබා නොදුනහොත්, ලබන මාර්තු 16 වැනිදා සිට දින 05 ක වර්ජනයක් ආරම්භ කිරීමට ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති දැනටමත් තීරණය කර අවසන්.

(Neth)