Saturday, February 07, 2026
Follow Us
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට මේ මොහොතේ ස්ථාන මාරු එපා – මැකො රජයට දන්වයි

රාජ්‍ය සේවයේ ප‍්‍රමුඛ පෙළේ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් මේ මොහොතේ සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම රජයට දැනුම් දී ඇත.

බරපතළ විනය කඩකිරීම් චෝදනා නොමැති නම් නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් අවශ්‍ය නොවන බවද කොමිසම සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්ද විමසීමක් සිදු කිරීමට සූදානම් වන මේ මොහොතේ දැනට සිටින රාජ්‍ය නිලධාරීන්ට දැනුම හා පළපුරුද්ද මත අදාළ මැතිවරණ රාජකාරි කිරීම පහසු බවද කොමිසම දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මූලික කටයුතු දැනටමත් දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාල මගින් ආරම්භ කර ඇත.

(Lanka Leads)