Friday, July 04, 2025
Follow Us
රටේ ඒකීයභාවයට අහිතකර යෝජනා තිබෙනවා රජය එම්සීසී ගිවිසුම අත්සන් කරන්නේ නෑ

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්සීසී* ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර ඇතැයි රජයේ මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

එම්සීසී ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ද මේ වන විට ලැබී තිබෙන බවත් ගිවිසුමේ යම් යම් කරුණුවල රටේ ඒකීයභාවයට මෙන්ම අහිතකර යෝජනා තිබෙන බවත්, ජනාධිපතිවරණ වේදිකාවේදී ජනාධිපතිවරයා පැහැදිලි පොරොන්දුවක් මේ පිළිබඳව ලබාදුන් බවත්, එම නිසා එම්සීසී ගිවිසුම අත්සන් නොකිරීමට තීරණය කළ බවත් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

මේ පිළිබඳව බොහෝ දෙනකු තර්ක කළ බවත්, රට පාවාදී මුදල් සොයන්න රජය සූදානම් නැති බවත් කී කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා නිවැරදි පාලනයක් තුළින් රට හරි මඟට ගැනීමට පුළුවන්කමක් තිබෙන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

හෙතෙම මේබැව් පැවසුවේ අගමැති කාර්යාලයේ ඊයේ (27 වැනිදා* සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය. නිසා වන්දනාකරුවන් රැුගෙන එන ගුවන් සමාගම් රැුසක් තම ගමන් වාර අවලංගු කර තිබේ.

(Lanka Leads)