Friday, April 19, 2024
Follow Us
සියලු මුස්ලිම් ඇමතිලා එකවර ඉල්ලා අස්වෙන්න යයි !

රජයේ සියළුම මුස්ලිම් ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද සවස 3ට අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් වනවා.

එහිදී සියළුම මුස්ලිම් ඇමතිවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා තනි නොකර ඔහුගේ ඉවත් කිරීමට විරෝධය පලකිරීමක් ලෙස මෙලෙස සියළුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමට සූදානම්වන බවද වැඩිදුරටත් වාර්තාවේ.

(Lanka Leads)