Saturday, July 05, 2025
Follow Us
නව ජනපති ගෝඨාභය රාජපක්ෂ අද වැඩ බාර ගනී

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) පෙරවරුවේ වැඩ භාරගැනීමට නියමිතව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.

එමෙන්ම නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා බොහෝ දුරට පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ පත් කිරීම් සිදුකිරීමට නියමිතයි.

(Lanka Leads)