Saturday, July 05, 2025
Follow Us
ජනපති ලෙස ගෝඨාභය තෝරා පත් කර ගත් බවට ගැසට් පත්‍රය නිකුත් කෙරේ

ගෝඨාභය රාජපක්ෂ මහතා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම පිළිබඳ පනතේ 56වන වගන්තිය යටතේ ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බවට වන ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

අදාළ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර ඇත.

(Aruna)