Saturday, July 05, 2025
Follow Us
ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද ? මහමැතිවරණයකට යනවාද ? - තීරණය ගැනීමට ආණ්ඩු පක්ෂය අද රැස්වේ.

ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව ආණ්ඩුවක් වශයෙන් ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අද (18) පස්වරුවේ රැස්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩුව නියෝජනය පක්ෂ නායකයින්ගේ සහ කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවකින් අනතුරුව මෙසේ සම්පූර්ණ මන්ත්‍රී කණ්ඩායම රැස්කර අවසන් තීරණයකට එළඹීමට එකඟ වී ඇත.

ඒ අනුව අද පස්වරු 02.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඔවුන් රැස්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙහිදී ආණ්ඩුව ඉල්ලා අස්වන්නේද, නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමට සහාය ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් වාර්තා විය.

(LNW)