Saturday, May 18, 2024
Follow Us
’’නව අගමැති ලෙස දිනේෂ් පත්කරන්න’’ - විමල් හා ගම්මන්පිලගෙන් යෝජනාවක්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව හෙට නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත ඇති බවත් නව අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පත් කරන ලෙස යෝජනාවක් කර ඇති බවත් වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිළ සහ විමල් විරවංශ විසින් එම යෝජනාව කර ඇති බවටයි වාර්තා වුණේ.

ජනාධිපතිවරණ ජන්ද විමසීමේදී ජනතා මතයට ගරු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව සඳහන්.

අගමැතිවරයාගේ ඉල්ලා අස් වීමෙන් පසු කැබිනට් මණ්ඩලය අහෝසි වන හෙයින් නව අගමැතිවරයෙක් පත්විය යුතු වෙයි.

එමෙන්ම මේ වන විට අමාත්‍ය මණ්ඩලයේද සාමාජිකයින් ඉල්ලා අස් වෙමින් තිබෙන පසුබිමක ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවද මතුව තිබේ.

මංගල සමරවීර මහතාද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවට නිවේදනය කර ඇත.

ජනතාවගේ තීන්දුවට ගරු කරමින් ආණ්ඩුව ඉවත්වීම දේශපාලනික වශයෙන් සාධනීය කරුණක් බවද සඳහන් කළ යුතු වෙයි.

(LNW)