මහනුවර - යාපනය A-9 මාර්ගයේ කුරුගොඩ ප්රදේශය තාවකාලිකව වසා දැමෙයි -
මහනුවර - යාපනය A-9 මාර්ගයේ අලවතුගොඩ පොලිස් වසමට අයත් කුරුගොඩ ප්රදේශයෙන් මාර්ගය තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය දැනුම් දෙයි.
පසුගිය 2026.10.19 වන දින කුරුගොඩ 07 කණුව ප්රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරට අදාළ ප්රමුඛවර් රථයේ ටේලරය එම ස්ථානයෙන් ගොඩගෙන ඉවත් කිරීමේ කටයුතු සඳහා මෙලෙස මාර්ගය වසා තැබේ.
ඒ අනුව අද (2026.10.22) දින රාත්රී 10.00 සිට හෙට (2026.10.23) අලුයම 02.00 දක්වා** A-9 මාර්ගයේ කුරුගොඩ 07 කණුව ප්රදේශයෙන් මාර්ගය තාවකාලිකව වසා තැබෙනු ඇත.
මෙම කාලසීමාව තුළ රියදුරන්ට සහ මහජනතාවට පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී:
විකල්ප මාර්ග:
මහනුවර සිට මාතලේ දෙසට ගමන් ගන්නා වාහන
* කටුගස්තොට, මඩවල, වත්තේගම, උකුවෙල, ඇල්වල හරහා ගමන් කර නැවත A-9 මාර්ගයට පිවිසිය හැකිය.
මාතලේ දෙස සිට මහනුවර දෙසට ගමන් ගන්නා වාහන
*බර වාහන සඳහා - ඇල්වල, උකුවෙල, වත්තේගම, මඩවල, කටුගස්තොට හරහා මහනුවර දෙසට ගමන් කළ හැකිය.
* සැහැල්ලු වාහන සඳහා - අලවතුගොඩ, ඕවිස්ස, පූජාපිටිය, අඹතැන්න හරහා කටුගස්තොටට පිවිස මහනුවර දක්වා ගමන් කළ හැකිය.