බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ දී (දහම්පාය) ඊයේ (20) පැවති බුද්ධශාසන සභාව සඳහා ශ්යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්ය මැදගම ධම්මානන්ද ස්වාමීන්වහන්සේ ප්රමුඛ ත්රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව 31 ක සහභාගිත්වයෙන්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතා, අමාත්යාංශ ලේකම්තුමා, බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු පිරිස සහභාගී වූහ.
බුද්ධ ශාසන සභාව රැස්වීමේ සුවිශේෂ කාරණාව බවට පත් වූයේ පූජ්ය ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධව සමාජය තුළ පැන නැගී තිබෙන කරුණු පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් යෝජනා ලබා ගැනීම සහ රජය වශයෙන් ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීමයි.
ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටුවේ සභාපතිවරයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය ලේකම්, ප්රින්ස් සේනාධිර මහතා කමිටු යෝජනා පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරන ලදි.
එහි දී පනතේ 356 සහ 550 වගන්ති සංශෝධනය කිරීම සඳහා ගෙන එන ලද යෝජනා පිළිබඳව පැහැදිලි කරන ලදී.
විශේෂයෙන්ම බන්ධනාගාරගත කරන ලද බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නැවත උසාවියට ඉදිරිපත් කරන අවස්ථාවක දී හෝ වෙනත් කටයුත්තක් සඳහා බැහැරට ගෙනයාමේ දී චීවරය සහිතව ගෙනයාම පිළිබඳව අදාළ නිකාය පාර්ශ්වයේ හෝ සංඝ සභාවේ නිර්දේශ මත ක්රියා කළ යුතු බවට වන යෝජනාව ගරුතර සංඝරත්නය වෙත ඉදිරිපත් කරන ලදී.
එහි දී කමිටු නිර්දේශය මහා සංඝරත්නයේ අනුමැතියට ලක් වූ අතර මෙම නීතිය ප්රායෝගිකව භාවිත කිරීම සම්බන්ධයෙන් ත්රෛනිකායික මහා සංඝරත්නය පාර්ශ්ව 31හෝ සංඝ සභාව, එකතු වී සාකච්ඡා කර සුදුසු පොදු වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව මහා සංඝරත්නයේ අදහස විය.