Monday, October 19, 2026
Follow Us
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් මියගිය 'කාවන්තිස්ස' නමැති හස්තියාට වෙඩි තැබූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දියත් කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්තඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අදාළ අංශ මඟින් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක අතර, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

වනජීවී සම්පත් හා ජාතික උරුමයන් විනාශ කරන මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇත.


පරිසර අමාත්‍යංශය