Sunday, October 18, 2026
Follow Us
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (17) නිකුත්  කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඒ අනුව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකිය.

ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් ඇත්නම්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 011 278 4208, 011 278 4537 හෝ 011 278 5922 යන දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.