මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. සමරවීර මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සිය තීරණය දන්වා තිබෙනවා.
ඊයේ (16) රටේ බහුතර ජනතාව ලබාදුන් තීරණයට ගෞරව කරමින් තමාගේ ඇමති ධුරයට සමුදීමට තීරණය කළ බවත්, මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරගෙන යෑමේදී ජනාධිපතිවරයා දැක්වූ සහයෝගයට ස්තුතිවන්ත වන බවත් සමරවීර මහතා පවසනවා.
(LNW)