ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ ජනාධිපතිවරයා ලෙස ජාතිය අමතන අවසන් අවස්ථාව ලෙසයි.
ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ හෙට දිනයේදී පත්වන නව ජනාධිපතිවරයාට තිබෙන පළමු අභියෝගය වන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතරින් සුදුසු පුද්ගලයන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීම බවයි. ජනාධිපතිවරයා ලෙස තමාට තම රජයේ සිදු වූ හොරකම්, දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ද ජනාධිපති කොමිෂන් සභා පත් කිරීමට සිදු වූ බවත්, එවැනි තත්වයක් හමුවේ අනාගත ජනාධිපතිවරයාට සුදුසුකම් සහිත කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීම දැඩි අභියෝගයක් වනු ඇති බවත් ඔහු පවසනවා.
2015 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවට තමා ලබාදුන් පොරොන්දුව පරිදිම පළමු ධුර කාලයෙන් සමුගෙන සතුටින් ගෙදර යන බව පවසන ජනාධිපතිවරයා පවසන්නේ පසුගිය වසර පහකට ආසන්න කාලය තුළදී ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ජනතාව වෙත හිමිකර දීමට සමත් වූ බවයි. එය ඇතැම් විට අත්තනෝමතික ප්‍රජාතන්ත්‍රවාදයක් බවට පත්වූ බවත්, ලබාදුන් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ඇතැම් අවස්ථාවලදී තමාටම පාරා වලල්ලක් වූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා.
සියයට සියයක් නිවැරදිව කටයුතු කළ නොහැකි වුවද තමාගේ පාලන කාලය තුළදී හැකි උපරිම අයුරින් රටටත් ජනතාවටත් සේවය කළ බවත්, ඒ සම්බන්ධයෙන් තමා තෘප්තිමත් වන බවත් ජනාධිපතිවරයා පවසනවා.
(LNw)