ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයාට හෙට සන්ධ්‍යාවේදී දිවුරුම් දීමට හැකි වන පරිදි ප්‍රථිපල නිකුත් කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ අද (16) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවේදීය.
ඒ අනුව සුදානම් කරගෙන පවතින නැකත්වලට අනුව දිවුරුම් දීමට අපේක්ෂකයන්ට හෝ අපේක්‍ෂිකාවට හැකි වනු ඇති බවයි දේශප්‍රිය මහතා කියා සිටියේ.
එසේ නොහැකි වුවහොත් මෙතෙක් දවසක් සිටියා සේ සඳුදා දිනයේදී දිවුරුම් දීමට හැකි බව ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත් අගහරුවාදාට ප්‍රථම සියළුම ප්‍රථිපල නිකුත් කරන බව සභාපතිවරයා පැවසීය.
තැපැල් ජන්ද ප්‍රථිපල නිකුත් කරන විට බොහෝ විට මධ්‍යම රාත්‍රිය විය හැකි බවද ඔහු පැවසුවේය.
විදුලිබලය විසන්ධිවීම් වැනි බරපතල කාරණා ඇති නොවුණ හොත් ප්‍රථිපල නිකුත් කිරීමේ ප්‍රමාදයක් නොවනු ඇති බවද මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
දිවයින පුරා ඇති ගණන් කිරීමේ මධ්‍යස්ථාන 43කදී ජන්ද ගණන් කිරීම සිදුවෙයි.
(LNW)