Thursday, January 29, 2026
Follow Us
ජනපති යලි දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ත උළෙලට සහභාගීවීම සදහා පසුගිය මැයි 30 වෙනිදා එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31) රාත්‍රියේ දී යළිත් දිවයිනට පැමිණි බව අප නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කර සිටියා.

ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස ඊයේ රාත්‍රී 10.20 ට පමන ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

(Neth)