Thursday, April 25, 2024
Follow Us
බන්ධනාගාර බුද්ධි අංශය නැවතත්

අඩපනව තිබූ බන්ධනාගාර බුද්ධි අංශය අද (31) සිට යළි බලාත්මක වනවා.

බන්ධනාගාර බුද්ධි අංශ අඩපණව තිබුණේ ඊට අනියුක්ති නිලධාරීන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව සේවා අවශ්‍යතා මත සාමාන්‍ය රාජකාරිවලට අනියුක්ත කර තිබීම හේතුවෙන්.

මෙම නිලධාරීන් අද සිට ඔවුන්ගේ නියමිත රාජකාරිය සඳහා අනියුක්ත කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාර බුද්ධි නිලධාරීන් අද සිට ඔවුන්ගේ වැටලීම්ද ආරම්භ කරනු ඇති. බන්ධනාගාර බුද්ධි නිලධාරීන් කණ්ඩායම් 04 කට වෙන් කර ඔවුන් ජේලර්වරුන් 04 දෙනෙකු යටතේ වැටලීම් සඳහා යෙදවීමට ද මෙහිදි තීරණය වී තිබෙනවා.

නෙත් නිවුස් වෙත ඇති තොරතුරුවලට අනුව දැනට සේවයේ නියුතු බන්ධනාගාර බුද්ධි නිලධාරීන් ගණන 100කට ආසන්නයි. ඔවුන්ගෙන් 80කට ආසන්න පිරිසක් ඊයේ (30) පැවැති සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.

(Neth)