Thursday, January 29, 2026
Follow Us
දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය ජුනි 01 සිට යළිත්

ආරක්ෂක වාතාවරණය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ දුම්රිය මඟින් පාර්සල් ප්‍රවාහනය කිරීමේ කටයුතු ජුනි මස 01 වනදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පාර්සල් බාරගන්නා දුම්රිය ස්ථානයන්හි ඒවා පරීක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර පැවැති තත්තවයත් සමඟ තාවකාලිකව වසාදමා තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම්පල යළි හෙට සිට කාර්යාලය දුම්රියන් සඳහා පමණක් විවෘත කිරීමට තීරණය කර ඇත.

මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ ද දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් යටතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

(News Tube)