ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පති‍්‍රකා නිකුත් කිරීම සහ තැපෑලට භාරදීම ලබන සිකුරාදා (18) සිදු කෙරෙනවා.
තැපැල් ඡන්ද නාම ලේඛණ සහතික කිරීම ඊයේ (15) සිදු කෙරුණා. ඒ අනුව රාජ්‍ය ආයතනවල සහ ආරක්ෂක අංශයන්හි තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝම්බර් 31 සහ නොවැම්බර් 01 වැනිදා සිදු කිරීමට නියමිතයි.
දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය යන ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 04 වැනිදායි. මෙම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන පුද්ගලයින්ට නොවැම්බර් 07 වැනිදා ඒ සඳහා අවස්ථාව උදා කර දී තිබෙනවා.
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා තැපෑලට භාරදීම ඔක්තෝම්බර් 25 වන දින සිදු කිරීමට නියමිතයි. නොවැම්බර් 03 වැනිදා නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාදීමේ විශේෂ දිනයක් වනවා. නිල ඡන්ද පති‍්‍රකා බෙදා හැරීම නොවැම්බර් 09 වැනිදා අවසන් කිරීමට නියමිතයි.
මේ අතර ජාතික මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල් ධූරයට සමන් ශ‍්‍රී රත්නායක පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
(Neth)