Thursday, April 25, 2024
Follow Us
භික්ෂූන් වහන්සේලා රක්ෂණය කිරීමේ සැලසුමක්

ශ්‍රී ලංකාවේ සියලුම මහා සංඝරත්නය රක්ෂණය කිරීමේ නව වැඩපිළිවෙළක් සැලසුම්කර ඇතැයි බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

පාසල් දරු දැරියන්ට රක්ෂණය කිරීමට ආරම්භ කළ සුරක්ෂා වැඩසටහනෙන් රක්ෂණ සමාගම් සඳහා විශාල ලාභයක් හිමි වූ නමුත් මහා සංඝරත්නය රක්ෂණය කිරීමේ යෝජිත වැඩපිළිවෙළ යටතේ රක්ෂණ සමාගම් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නොවන ඊයේ (27) බව අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පාසල් දරු දැරියන් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙළේ දී රක්ෂණ සමාගමට රුපියල් මිලියන හයදහසක පමණ මුදලක් ගෙවා ඇති නමුත් ප්‍රතිලාභ වශයෙන් ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන හාරසිය විස්සක පමණ ප්‍රමාණයක් යැයි කී අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

"අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දියත් කළ සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ පිරිවෙන්වල සාමණේර භික්ෂූන් වහන්සේ ද ආරක්ෂණයට ලක්වෙනවා. නමුත් මෙරට මහා සංඝරත්නයෙන් 90% ක පමණ පිරිසක් රක්ෂණයට ලක්වෙලා නැහැ. ඒ නිසා සියලුම මහා සංඝරත්නය රක්ෂණය කරන අතර ඊට රජයෙන් රුපියල් මිලියන පහහක මුදලක් හිමි වී තිබෙනවා.

බුද්ධශාසන අමාත්‍යාංශයේ සතු තවත් මුදලක් ද මෙම රක්ෂණාවරණය සඳහා දායක කර ගත හැකි වේ. රක්ෂණ සමාගම් වෙත මෙම මුදල් යොමු නොකර පාලක මණ්ඩලයක් මගින් නීතියානුකූල ක්‍රමයකට ආරක්ෂණ වැඩපිළිවෙළ දියත් කරනවා.

පරිත්‍යාගශීලී පෞද්ගලික සමාගම්වලටද මෙම රක්ෂණය සඳහා අරමුදලින් දායක විය හැකියි."

එවැනි සමාගම් සඳහා බදු සහන වැනි රජයේ සහනාධාර හිමි කර දිය හැකි යැයි ද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(LNW)