Thursday, April 25, 2024
Follow Us
2010 - 2015 අතර සම්මත කළ හදිසි පනත් කිහිපයකින් ශාරියා නීතියත් ගැසට් කරලා - වජිර

2010 - 2015 කාලසීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කළ හදිසි පනත් කිහිපයක් තුළ ශාරියා නීතිය අඩංගු වී ඇති බවත් ශාරියා නීතිය අඩංගු ඇතැම් ගැසට් නිවේදන පවා නිකුත් කර ඇති බවත් අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙසේ වැරදි ලෙස නිකුත් කළ ගැසට් නිවේදන සියල්ල අවලංගු කිරීමටත් වැරදි ලෙස සම්මත කළ පනත් සියල්ල සංශෝධනය කිරීමටත් රජය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව තුළ නීති දෙකක් ක්‍රියාත්මක විය නොහැකි බව අවධාරණය කළ අමාත්‍යවරයා ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණක් බවත් කුමන ආගමිකයකුට වුවත් ඒ නීතිය පොදු බවත් ප්‍රකාශ කළේය.

ශාරියා නීතිය හෝ ගල් ගසා මැරීම්, ගෙල කපා මැරීම් ශ්‍රී ලංකාව තුළ කිරීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් අමතා කළ දේශනයකදීය.

(LNW)