නැනෝ තාක්ෂණය, බයෝ තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් විශ්විද්‍යාල පාඨමාලාවලට ඇතුළත් කර මෙරට දරුවන්ගේ දැනුම ලොව දියුණු රටවල උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ගේ දැනුමට සමාන කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
මේ වනවිට විදෙස්ගතව ජාත්‍යන්තර මට්ටමේ දැනුමක් ලබා මෙරටට පැමිණෙන දරුවන්ට එම නව දැනුමට සමාන්තර රැකියා ක්ෂේත්රයක් ද රට තුළ නොමැති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එම ගැටළු සැලකිල්ලට ගනිමින් මේවනවිටත් මහාචාර්යවරුන්ගේ එකඟතාව ලබාගනිමින් උසස් අධ්‍යාපන විෂයමාලා විශ්වවිද්‍යාල මට්ටමින් නවීකරණය කෙරෙනවා. පාසල් මට්ටමින් ද්විතියික අධ්‍යාපනය ද ඊට සරිලනසේ නව්‍යකරණය කර 13 වසරින් පසු සිසුන්ගේ සරසවි ප්රවේශයන් සිදු කළ යුතුයි.
නව අධ්‍යාපන අභියෝගයන් හමුවේ මන්දගාමීත්වයක් පෙන්වන දරුවන් 9 ශ්‍රේණියෙන් පසු වෘත්තීය පුහුණු අධ්‍යාපනයට යොමු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ.
එමෙන්ම කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස 10 ශ්‍රේණියේ සිට උගන්වමින් උසස් අධ්‍යාපනයේ මෙන්ම ද්විතීයක අංශයේත් නව්‍යකරණයන් සිදු කර ප්‍රාථමික අංශයේත් අදාළ වෙනස්කම් සහිතව මේ අංශ තුනේ ම නව අධ්‍යාපන පරිවර්තනය සිදු කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙම අදහස් පළ කළා.
Neth