Friday, April 19, 2024
Follow Us
අරාබි භාෂා නාමපුවරු ඉවත් කිරීමට වජිරගෙන් චක්‍රලේඛයක්

රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවල අරාබි භාෂාවෙන් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා ඉවත් කරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතලේ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

මෙම චක්‍රලේඛය සියලුම රාජ්‍ය නිලධාරීන් සහ පළාත් පාලන ආයතන සභාපතිවරුන් වෙත නිකුත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාෂාවන් හැර වෙනත් කිසිදු භාෂාවක් ප්‍රදර්ශනය නොකළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

(LNW)