Saturday, April 27, 2024
Follow Us
හදිසි නීතිය තවත් මාසකින් දීර්ඝ කෙරේ

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඉකුත්දා හදිසි නීතිය ප‍්‍රකාශයට පත්කරනු ලැබුවේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමගයි.

මේ අතර ජාතික තව්හිද් ජමාත් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ‍්‍රාහිම් සහ විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තහනම් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත‍්‍රය නිකුත් කර ඇති බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයද දැනුවත් කර තිබෙනවා.

මෑතකදි සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර හේතුවෙන් ජාතික ආරක්‍ෂාවට ඇති වූ තර්ජන සැලකිල්ලට ගනිමින් රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප‍්‍රකාරවයි අදාළ සංවිධාන තහනම් කෙරුණේ.

(Neth)