Sunday, April 27, 2025
Follow Us
රාජ්‍ය සේවකයන්ගේ වැටුප 2500/-න් වැඩි වේ

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මගින් යෝජිත පරිදි රු. 2500/- ක මාසික අන්තර් දීමනාව ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයන් හට ගෙවනු ලැබේ. මේ සඳහා වන චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතිව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනටමත් නිකුත් කර තිබේ.

අන්තර් දීමනාව වශයෙන් රු. 2500/- ක් ජූලි 01 සිට ගෙවනු ලැබූවද රාජ්‍ය සේවකයන් හට මාසිකව ගෙවනු ලබන රු. 7800/- ජීවන වියදම් දීමනා ගෙවීමද තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වේ.

salaryletter