කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ වවුනියාව, මන්නාරම, මුලතිව් කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය අද දින (2026 සැප්තැම්බර් 13) පෙ.ව. 10.00 ට නිකුත් කර ඇති අතර, එදින ප.ව. 11.30 දක්වා බලපැවැත්වේ.
මෙහිදී මේ පිළිබඳව අවධානය යොමු කරන්න
-
ඉහත සඳහන් කළ පළාත්වල සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
-
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවන්වලදී පහත ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
-
එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංචාරක වාහනයක් තුළ රැඳී සිටින්න.
-
කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථාන වල රැඳී සිටීමෙන් වළකින්න.
-
රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින්න.
-
බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින්න.
-
තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
-
හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහය පතන්න.