Thursday, September 19, 2024
Follow Us
ජාත්‍යන්තර ත්‍රස්තවාදය අප රටට පැමිණීම වැළැක්වීමට නව නීති අවශ්‍යයි

ජාත්‍යන්තර ත්‍රස්තවාදය අප රට තුළට පැමිණීමට ඇති ඉඩ කඩ වසා දැමීම සඳහා ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල තිබෙන නව නීති ශ්‍රී ලංකාවට ගෙන ඒමට රජය කටයුතු කරගෙන යන බව ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන සහ අභ්‍යන්තර කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි .

අපේ රටේ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා එක්දහස් නවසිය හැත්තෑ නවයේ දී පනජාත්‍යන්තර-ත්‍රස්තවාදය-අතක් ගෙන ආ අවස්ථාවේ සමහරු එයට විරුද්ධ වූ නමුත් පසුව1983, 1988,හා1992 දීඑම පනතට සංශෝධන එක් කොට ත්‍රස්තවාදය මර්දනය කිරීමට එය තවත් ශක්තිමත් කළ බවත් ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපෙන පිරිස පාලනය කිරීම සඳහා මෙවැනි නීති වල අවශ්‍යතාව දැන් තදින්ම දැනෙන බවත් මහවැලි මේන්තු සංකීර්ණයේ ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කීය .

අප මෙවැනි නීති ගෙන එන්නේ නැති නම් ශ්‍රී ලංකාව නීති නැති රටක් ලෙස ලෝකයේ අනික් රටවල් අප රට ගැන වැරදි අවබෝධයන් ඇති කරගැනීමට ඉඩ තිබෙන බව ද ඒ මහතා පැවසී ය . අපේ රටට වැරදි විදියට මුදල් ගලා එනවා .ඒවා නීති විරෝධී කටයුතු වලට යොදවා ඇති බවත් දැන් හෙළි වී තිබෙනවා .ඒවා පාලනය කළ නො හැකි වී තිබෙන්නේ අපේ රටේ පවතින නීති නීති වල අඩුපාඩු නිසයි .ඒ නිසා ජාත්‍යන්තර නීති අනුව කටයුතු කරමින් රජය මේවා පාලනය කළ යුතු බවද වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේ ය .

මෙහිදී තවදුරටත් අදහස් දැ ක්වූ ඒ මහතා අපේ රටේ උප්පැන්න සහතික ,ජාතික හැඳුනුම්පත් හා විදේශ ගමන් බල පත්‍ර ව්‍යාජ ලෙස සකස් කිරීම රටේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව ද කී ය
මෙයට පිලියමක් වශයෙන් අගමැති තුමාගේ ද උපදෙස් ඇතිව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව ,පුද්ගලයින් ලියාපදිංචි ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධ කොට ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ආරක්ෂිත අයුරින් නව මුහුණුවරකින් සකස් කිරීමට යන බවත් ඒ සඳහා රුපියල් බිලියන 40 ක මුදලක් වැය කිරීමට යන බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය .

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් නිසා බැංකු ,මූල්‍ය සමාගම් ,විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා මහා භාණ්ඩාගාරයට මූල්‍යමය පාඩුව අති විශාල බව ද ඒ මහතා කීය නව ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ දියුණු රටවල් භාවිතා කරන නවීනතම තාක්ෂණය යොදා ගෙන සකස් කිරීමට පියවර ගෙන ඇති අතර දෙකෝටි තිස් ලක්ෂයක් වන මේ රටේ පුරවැසියන්ගේ හා මෙහි පැමිණෙන විදේශිකයින් ගේ සියලු තොරතුරු එක්රැස් වීම මෙම වැඩපිළිවෙළ මගින් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද වජිර අබේවර්ධන මහතා තව දුරටත් පැවසීය .

(LNC)