Saturday, May 10, 2025
Follow Us
ජනාධිපති ධුරය අහෝසි කරන්න රනිල් මෛත්‍රීගේ සහය පතයි

ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කිරීමට සහාය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

එසේ කළහොත් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් පැන නොනැඟෙන බවද එම දෙපළ ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කර ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂයේ සිටින සමහර දේශපාලන ප්‍රබලයන් ද ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහය පල කරන ලද ආරංචි මාර්ග පවසයි. මේ සඳහා ජනාධිපතිවරයා සහය ලබා දුනහොත් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ජාතික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට බොහෝ ඉඩකඩ විවර වනු ඇතැයිද අගමැතිවරයාත් රවී කරුණානායක ඇමැතිවරයාත් වැඩිදුරටත් සඳහන් කර ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

(Lanka Leads)