‘‘2018 ඔක්තෝබර් මස 26 වන දින පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව නව අගමැතිවරයකු දිවුරුම් දීමේ නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය වැනි සිදුවීමක් යළි උද්ගත වුවහොත් කථානායකවරයා සිය ධුරයට සමුදී ඉවත් යන බවට ප්‍රකාශ කළේ’’ යැයි ඇතැම් මාධ්‍යයන්හි පළවී තිබූ පුවත සත්‍යයකින් තොර බව කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
කථානායකවරයා කිසිවිටකත්, එවන් මතයක් නොදරන අතර එවන් ප්‍රකාශයක්ද සිදුකර නොමැති බවද එම නිවේදනය මගින් තවදුරටත් කියා සිටී.
‘පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව සිදුවන ඕනෑම ක්‍රියාමාර්ගයකට එරෙහිව පාර්ලිමේන්තුව විසින් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කිසිවිටකත් පසුබට නොවිය යුතුය’ යන ස්ථාවරයක කථානායකවරයා දැඩිව පිහිටා සිටින බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
(Aruna)