Tuesday, February 24, 2026
Follow Us
රාත්‍රියේ විදුලි කප්පාදුව අනිද්දා තෙක්

නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කෙරෙන ජනණ යන්ත්‍රය අනිද්දා වන විට ජාතික විදුලි පද්ධතියට එක්කර ගැනීමට හැකිවනු ඇතැයි විදුලිබල අමාත්‍යංශය පවසනවා.

එහි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට රාත්‍රී කාලයේ මිනිත්තු 30 ත් 45 ත් අතර කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවිය හැකි බවයි
විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ.

(Neth)