Wednesday, January 01, 2025
Follow Us
ආචාර්ය උපාධියට රජයේ මුදල් ගෙන ගෙවා නැත්නම් EPF එකෙන් කපා ගනී

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට රජයෙන් රතු එළියක්


ආචාර්ය උපාධි සඳහා රජයේ මුදල් ලබා ගෙන ඒවා සම්පූර්ණ කර නොමැති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට සේවක අර්ථ සාධක අරමුදල් ලබා නොදෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඔවුන්ගේ ආචාර්ය උපාධි අතර මග නතර කර ඇති අතර ඒ සඳහා රජය ලක්ෂ ගණනක් වැය කර ඇති බව එහි සභාපති, මහචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

ඒ අනුව එවැනි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශ්‍රාම යන අවස්ථාවේදී ආචාර්ය උපාධිය සඳහා රජය වෙන් කළ මුදල් සේවක අර්ථ සාධක අරමුදලින් කපා හරින බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ ක‌ළේ ය .

ඇතැම් ආචාර්යවරුන් මේ වනවිට විශ්වවිද්‍යාලවලින් ඉවත්ව ගොස් ඇති අතර මේ වනවිට මෙරට විශ්වවිද්‍යාල 12ක කථිකාචාර්යවරුන් 12,000ක් පමණ සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)