Sunday, July 26, 2026
Follow Us
කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම්දීමක්


ඉදිරි පැය 72ක කාලය තුළ ගිනිකොන දිග බෙංගාල බොක්ක, උතුර / දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයන් හි ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.

එමෙන්ම දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට ද එම දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

(Aruna)