Friday, May 17, 2024
Follow Us
පාස්කු ප්‍රහාරය ගැන රාජ්‍ය අමාත්‍ය කංචනගෙන් හෙළිදරව්වක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 11කට පෙර බුද්ධි අංශ විසින් සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නැයි නිර්දේශ කරමින් ඉකුත් යහපාලන රජයට ලබා දුන් බව කියන වාර්තාවක් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා.

එවකට රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන විසින් සහාරාන් හෂීම් ප්‍රහාරයකට සුදානම් වන බව ප්‍රකාශ කරමින් සහ ඔහු අත්අඩංගුවට ගත යුතු බව නිර්දේශ කරමින් මෙම වාර්තාව ලබාදී ඇති බවයි එහි සදහන් වන්නේ.

එම වාර්තාව 2018 වසරේ මැයි මස 19 වනදා රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් කළ එම වාර්තාව යහපාලනය රජය සමයේ පොලීසිය භාරව කටයුතු කල අමාත්‍ය සහ වර්තමානයේ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර වෙත යොමුකර ඇති බව එහි දැක්වෙනවා.

(Neth)