Friday, May 17, 2024
Follow Us
IMF ගියොත් ප්‍රශ්න ගොඩක් එනවා. අපි වෙන විදිහකට ප්‍රශ්න විසඳන්න සූදානම් - මහ බැංකු අධිපති

පවතින ආර්ථික ආර්ථික අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට ගිය විට ඔවුන් ඉදිරිපත් කරන තවත් වසර පහක් පමණ යනතෙක් වැටුප් වැඩි නොකිරීම, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, පොළී අනුපාත තවත් 50%කින් පමණ වැඩි කිරීම, රුපියල 250ක් පමණ වන තෙක් අවප්‍රමාණය කිරීම ආදී කොන්දේසි වලට කැමති වීමට සිදුවන අතර IMF වෙත ගොස් ප්‍රශ්න විසඳා ගන්නා ලෙස කියන අය ද එම කොන්දේසි වලට කැමතිදැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විමසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්නා ලෙස පවසන අය එම කොන්දේසිවලට කැමතිද යන්න ප්‍රකාශ කරන ලෙසත් ඒ ගැන ජනතාව ද දැනුවත් කළ යුතු බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

රජය ලෙස උත්සහ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයා දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ පවතින අභියෝගවලට මුහුණ දීම බවයි හෙතෙම ප්‍රකාශ කරන්නේ.

පවතින ප්‍රශ්න සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට ගියහොත් රට තුළද කැළඹීමක් ඇති වන බව කබ්රාල් මහතා පෙන්වාදෙයි.

(LNW)