Friday, May 17, 2024
Follow Us
විශ්‍රාම යන්න ඉන්න අයට පණිවිඩයක්

වයස අවු. 55 වූ අයට ජනවාරි 1වැනිදායින් පසු විශ්‍රාම යන්න අවස්ථාව


2022 ජනවාරි පළමු වනදායින් පසුව වයස අවුරුදු 55 වූ අයට විශ්‍රාම යාමට හැකි බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමිනි.
විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් ලබන දෙසැම්බර් මස අවසානයේ විශ්‍රාම යන පුද්ගලයන් ද මේ වන විට කුතුහලයෙන් පසුවන බව පවසමින් එම තීරණය ක්‍රියාත්මක වන දිනය පිළිබදව විමසූ අවස්ථාවේදී ජනත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා පැවසීය.

(Aruna)