පොහොර ගැන රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නැති බව මහින්දානන්ද කියයි
අද සිට රසායනික පොහොර ආනායනය කිරීමට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
අමාත්‍යවරයා සදහන් කළේ හරිත කෘෂිකර්මය සදහා වූ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවන බවයි.
ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
(Aruna)