Friday, May 17, 2024
Follow Us
වාහනයක කිහිපදෙනෙක් යද්දි මාස්ක් එක පැළඳීම අනිවාර්යයි

පෞද්ගලික වාහන වල යන අයට පොලිසියෙන් දැනුම්දීමක්


මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට අද (23) එක්වෙමින් ඔහු මේ පිළිබඳව පැවසීය.

කිහිපදෙනෙකු එක වාහනයක ගමන් කරන අවස්ථාවේ දී මුව ආවරණ පැළඳ සිටීම අත්‍යාවශ්‍ය බව ඔහු සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහාතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී එම දැනුවත් කිරීමේ වැඩසටහන අද ක්‍රියාත්මක කෙරුණි.

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව දැනුවත් කිරීමට අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලීසිය නැවත ආරම්භ කර තිබේ.

“කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය එළඹෙ දෙසැම්බර් මාසය තුළ විශේෂයෙන්ම උත්සව සමය තුළ වළක්වාගැනීම සඳහා මහජනතාවට නැවත වතාවක් සෞඛ්‍ය මාර්ගොපදේශ පිළිබඳ සිහිපත් කිරීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරනු ලැබුවා. බොහෝ දෙනෙකුට මුව ආවාරණ පැළඳීම ඇති වැදගත්කම ගැන නැවත අමතකවෙමින් තිබෙනවා. කිහිපදෙනෙක් එක වාහනේ ගමන් කරන අවස්ථාවෙදී මුව ආවරණ රහිතව ගමන් කරනවා. සමහර තමන්ගේ පවුලේ අය නොවේ පිටස්තර අය. ත්‍රීවිල් රියදුරු මහත්වරු මගීන් එක්ක ගමන්කරන අවස්ථාවේදී මුව ආවරණ පැළඳීම ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒ වාගේම ඉතාම නොසැලකිලිමත්කමින් යම් කෙනෙක් මේක පැතිරෙන ආකාරයෙන් ක්‍රියාකරනවානම් ඔහු සම්බන්ධයෙන් නීතිමය ක්‍රීයාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා.”යනුවෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)