Sunday, July 26, 2026
Follow Us
සියලු පසල්වල සියලු ශ්‍රේණි අද සිට ඇරඹේ

පාසල්වල දැනට ආරම්භ කර නොමැති 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කිරීම අද (22) සිදු කෙරේ.

මීට පෙර පළමුවන ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා මෙන්ම 10 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ශ්‍රේණි ද ආරම්භ කෙරුණි.

ඒ අනුව අද (22) සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වනු ඇත. දරුවන් පාසල් යැවීමේ දී උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙසයි අධ්යාපන හා සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියි.


(news.lk)