Thursday, May 02, 2024
Follow Us
වී සහ එළවළු වලට රසායනික පොහොර ආනයනයට තීරණය කර නැහැ- මහින්දානන්ද අලුත්ගමගේ: එක වරටම කාබනික වගාවට යන්නට බැහැ-ශෂීන්ද්‍ර රාජපක්ෂ

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ වී සහ එළවළු සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව යි. එමෙන්ම පොහොර ආනයනය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව අද (22) දිනයේ කරුණු සොයා බැලීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර වී, බඩ ඉරිඟු, එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පවසා සිටිය්යේය.

ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ මහ කන්නයේ අස්වැන්න අඩුවීම තුළින් සිදුවිය හැකි ආහාර ගැටලුව විසඳීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවත් ආනයනය කරනු ලබන පොහොර වර්ග සහ කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතිය හිමිවිය යුතු බවත්ය.

මේ අතර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ පොහොර ආනයනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සමග අද(22) දින පැවැත්වීමට නියමිතව බවත් කාබනික වගාවට එක් වරටම යානොහැකි බවත් කන්න තුනක් ඇතුළත දී 100%ක් කාබනික වගාවට යාමට බලාපොරොත්තු වන බවත්ය.

(Lanka Leads)